Friday, May 3, 2024

General line - 0115112241

ලෝකයට අවශ්‍ය එන්නත් සපයන හැටි ඉන්දියාව කියයි




කොවිඩ් වසංගතය පැතිර තිබූ කාලසීමාව තුළ ඉන්දියාව ලොව රටවල් 150 කට ඖෂධ ලබා දී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍ය මන්සුක් මන්ඩාවියා පවසනවා.

එලෙස ඖෂධ ලබාදුන්නේ ද එම ඖෂධවල මිල වැඩි කිරීමකින් හා ඒවායේ ගුණාත්මක භාවයට හානියක් නොවන අයුරින් බවයි ඔහු සඳහන් කළේ.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය මන්සුක් මන්ඩාවියා  මේ බව පැවසුවේ දිල්ලි නුවර පැවැති සෞඛ්‍ය තාක්ෂණ ඇගයීම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

ඖෂධවලට අමතරව ඉන්දියාව කොරෝනා සමයේදී ලොව රටවලට එන්නත් සහ වෛද්‍ය උපකරණ ද සපයනු ලැබුවා.

ලෝකයේ එන්නත් අවශ්‍යතාවයෙන් 65% ක් ඉන්දියාව විසින් සපුරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේවනවිට ගුණාත්මක ඖෂධ සපයන රටක් ලෝකයේ තිබේ නම්, එය ඉන්දියාව බව ද  සෞඛ්‍ය අමාත්‍ය මන්සුක් මන්ඩාවියා අවධාරණය කළා.