Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රි ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තීරණාත්මක දිනයට වර්ෂාවෙන් බාධා




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. වර්ෂාව හේතුවෙන් අද දිනයේ තරගයට බාධා එල්ල වී තිබෙනවා.

ඊයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් රැස්කර ගෙන සිටියා. නොදැවී කඩුල්ලේ රැදී සිටි ටොම් ලැතම් ලකුණු 11 ක් රැස්කර ගෙන සිටි අතර කේන් විලියම්සන් නොදැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 7 ක්. 

මෙම තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355 ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් නවසිලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 373 ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමේදී රැස් කළේ ලකුණු 302 ක් පමණයි.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා දෙවන ඉනිමේදී ලකුණු 285 ක ඉලක්කයක් හිමිවුණා. තරගය ජය ගැනීමට නම් නවසිලන්ත කණ්ඩායම අද දිනය තුලදි ලකුණු 257 ක් රැස්කළ යුතු වනවා.