Wednesday, April 24, 2024

General line - 0115112241

ලංකාවට එරෙහිව නවසීලන්තය අවසන් මොහොතේ නොසිතු ජයක් වාර්තා කරයි 




සංචාරක ශ්‍රී ලංකා පිල සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු දෙකකින් ජය ගැනීමට නවසීලන්ත සමත් වුවා. ලකුණු 285ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේදී සිය ජයග්‍රාහණය වාර්තා කිරීම කැපී පෙනෙන සිදුවීමක් වුවා.

නායක කේන් විලියම්සන් පන්දු 194 කදී නොදැවී ලකුණු 121ක් රැස් කරමින් නවසීලන්ත ඉනිමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වුවා.

මෙම තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355 ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් නවසිලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 373 ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමේදී රැස් කළේ ලකුණු 302 ක් පමණයි.

මේ අතර අද තරගයේ ප්‍රතිපලයත් සමග ICC ටෙස්ට් ලෝක ශුරතාවය සඳහා සුදුසුකම් ලැබීමට ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව සමත් වුවා.

එළඹෙන ජුනි මස 07 වෙනිදා සිට ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව එංගලන්තයේ දී ටෙස්ට් ශුරතාවයේ අවසන් තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.