Wednesday, May 8, 2024

General line - 0115112241

දුම්රිය සේවක නිවාඩු අවලංගු කෙරේ




වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවකයින්ගේ නිවාඩු අද සිට අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පියවර ගෙන තිබෙනවා.

දුම්රිය සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා හෙට දිනයේ සේවයට වාර්තා නොකරන සියලු නිලධාරීන්ගෙන් ඒ පිළිබඳ නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ විසින් දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දන්වා ඇති බවයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය සහන් කළේ.

2023 පෙබරවාරි මස 27 වන දිනැති 2321/7 දරණ රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බව ද එම අමාත්‍යංශය සහන් කළා.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.