Wednesday, May 1, 2024

General line - 0115112241

මංගලගේ බදු ප්‍රතිපත්තිය ගෙන එන්නැයි සජබය කියයි




2019 වසරේ මුදල් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර ඉදිරිපත් කළ බදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්නැයි සමඟි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

වෘත්තීය සමිති රැසක් ඊයේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මේබව කියා සිටියා. 

නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නිදහස ජනතා සන්ධානය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීද අදහස් පළ වුණා. මේ , පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ සියලු දෙනා පවතින දුෂ්කරතා මධ්‍යයේ ඉදිරි  මාස 6 ගත කළ යුතු බවයි. එසේ නොවුන හොත් ආර්ථික වශයෙන් අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සියලු දෙනාට සිදුවන බවද මන්ත්‍රීවරයා කියා සිටියා.