Wednesday, May 1, 2024

General line - 0115112241

මාස දෙක හමාරට 1,678ක් දකුණු කොරියාවට




මෙම වසරේ මේ දක්වා කාලය තුළ දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රමිකයන් 1,678 දෙනෙකු යොමු කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. එම කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අයි පතිනායක පැවසුවේ පිරිමි ශ්‍රමිකයන් 1,662නෙකු හා කාන්තා ශ්‍රමිකයන් 16 දෙනෙකු එලෙස දකුණු කොරියාවට ගිය බවයි.

එම පිරිසෙන් 1,398 දෙනෙකු පළමුවරට දකුණු කොරියාවේ රැකියා සඳහා යොමු කළ ශ්‍රමිකයින් වනවා. සියලු ශ්‍රමිකයින් නිශ්පාදන සහ  ධිවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කළ බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.

මෙම වසර තුළ ශ්‍රමිකයින් 6,500ක පිරිසක් දකුණු කොරියාවේ රැකියා සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය අපේක්ෂා කරනවා. 

මේ අතර විදෙස් රැකියා ලබා දෙන බවට පවසා මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු මරදාන සහ පිළියන්දල ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් විසින්. කුවේටයේ සහ ඕමානයේ රැකියා ලබා දෙන බව පවසා සැකකරුවන් විසින් මුදල් වංචා කර තිබෙනවා.