Friday, April 26, 2024

General line - 0115112241

දෙවන ටෙස්ට් තරගයේදී නවසීලන්තයෙන් ප්‍රබල ප්‍රහාරයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම මේවනවිට කඩුලු 2ක් දැවී රැස් කර සිටින ලකුණු සංඛ්‍යාව 426ක්. නොදැවී පන්දුවට පහර දෙන කේන් විලියම්සන් ලකුණු 188ක් සහ හෙන්රි නිකල්ස් ලකුණු 114ක් රැස් කර සිටිනවා.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය නවසීලන්තයේ වෙලින්ටන්හිදී ඊයේ ආරම්භ වූ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත වේලාවට පෙර පළමු දිනයේදී තරඟය නතර කෙරුණා.

ඒවනවිට නවසීලන්ත කණ්ඩායම කඩුලු 2ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු 155 ක්. ඩෙවෝන් කොන්වේ ලකුණු 78ක් සහ ටොම් ලැතම් ලකුණු 21ක් රැස් කළා.

පන්දු යැවීමේදී කසුන් රාජිත හා ධනංජය ද සිල්වා එක් කඬුල්ල බැඟින් දවා ගත්තා.