Friday, April 26, 2024

General line - 0115112241

මඩ පොහොර පළමු තොගය උතුරු නැගෙනහිරට




මෙරටට ලැබී ඇති මඩපොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර මෙට්ට්‍රික් ටොන් 36,000ක ප්‍රමාණය කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් භාර දීම හෙට දින සිදු වනවා.

එහි පළමු තොගය උතුරු නැගෙනහිර පළාත්වලට ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් කොමර්ෂල් පොහොර සමාගමට හා ලංකා පොහොර සමාගමට උපදෙස් ලබා දුන් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. ඒ, එම පළාත්වල යල කන්නයේ වී වගාව මේ වනවිටත් ආරම්භ කර තිබීම හේතුවෙන්. 

ඒ අනුව ඊයේ දිනය තුළ උතුර හා නැගෙනහිර පළාත්වල සියලුම දිස්ත්‍රික්ක වෙත මඩපොහොර මෙට්ට්‍රික් ටොන් 11,537ක් බෙදා හැරීමට පියවර ගත් බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා පැවසුවා.

මෙම පොහොර ලබන සඳුදා සිට ගොවීන්ට නොමිලයේ ලබා දෙන බවයි  ගොවි ජන සංවර්ධන කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න සඳහන් කළේ.

ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල ගොවීන්ට තමන්ට නියමිත මඩ පොහොර ප්‍රමාණය ඒ ඒ ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් එදින සිට ලබා ගත හැකියි. වගා කටයුතු ආරම්භ වන පරිදි අනෙකුත් දිස්ත්‍රික්කවල ගොවීන්ටද පොහොර ලබා දීමට සැලසුම් කර තිබෙනවා. වී වගා කරන හෙක්ටෙයාර් එකක් සඳහා නිර්දේශ කර ඇති මඩ පොහොර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 55ක්.