Wednesday, April 24, 2024

General line - 0115112241

නවසීලන්ත සිය පළමු ඉනිම අත්හිටුවයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිමේදී ද්විත්ව ශතක 2ක් රැස් කිරීමට නවසීලන්ත ක්‍රීඩකයින්වන කේන් විලියම්සන් සහ හෙන්රි නිකොල්ස් අද සමත් වුණා.

කේන් විලියම්සන් දැවී ගියේ ලකුණු 215ක් රැස් කර සිටියදීයි. හෙන්රි නිකොල්ස් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 200ක්. එය ටෙස්ට් ඉනිමකදී  ඔහු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වනවා.

ඩෙවෝන් කොන්වේ ද ලකුණු 78ක් රැස් කළා. කඩුලු 4ක් දැවී ලකුණු 580ක් රැස් කර සිටියදී නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවනු ලැබුවා. පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 2ක් , ධනංජය ද සිල්වා සහ ප්‍රභාත් ජයසූරිය එක් කඬුල්ල බැඟින් දවා ගත්තා. 

සිය පළමු ඉනිම ක්‍රීඩා කිරිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන දිනය නිමාවන විට කඩුලු 2ක් දැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 26ක්. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 6යි. කුසල් මෙන්ඩිස් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා. නොදැවී පන්දුවට පහර දෙන නායක දිමුත් කරුණාරත්න ලකුණු 16ක් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 4ක් රැස් කර සිටියා.