Friday, April 19, 2024

General line - 0115112241

144 වන "නිල් මහා සටනේ" ජය රාජකීයන්ට




144 වන "නිල් මහා සටන" ලෙස විරුදාවලිය ලත් පාසැල් ක්‍රිකට් තරගය ජය ගැනීමට කොළඹ රාජකීය විදුහල අද සමත් වුවා. ඒ ශාන්ත තෝමස් විදුහල ලකුණු 181කින් පරාජයට පත් කරමින්.

මෙම තරගය කොළඹ SSC ක්‍රීඩාංගනයේ පැවැත්වුණා.

මෙම තරගය නැරඹීම සඳහා ආදී රාජකීය සිසුවෙකු වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටීම විශේෂත්වයක් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ රාජකීය විදුහල කඩුලු 8 කට ලකුණු 326ක් රැස් කරනු ලැබුවා. ශාන්ත තෝමස් විදුහල සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී  රැස් කරනු ලැබුවේ ලකුණු 153ක් පමණයි.

සිය දෙවන ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 168ක් රැස් කළ රාජකීය විදුහල ශාන්ත තෝමස් විදුහලට තරගය ජය ගැනීම සඳහා ලකුණු 342ක ඉලක්කයක් ලබා දුන්නා.

කෙසේ වුවද ලකුණු 342ක ඉලක්කයක් හඹා ගිය ශාන්ත තෝමස් විදුහල සිය දෙවන ඉනිමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 161ක් පමණයි.

ඒ අනුව කොළඹ රාජකීය විදුහල 2019 වසරේදී සිය අතින් ගිලිහුණු කුසලානය නැවත තමන් සතු කර ගැනීමට අද සමත් වුවා.