Monday, March 27, 2023

General line - 0115112241

දුම්රිය ප්‍රමාද දික්ගැස්සෙන තවත් හේතුවක් රියදුරන් පෙන්වා දෙයි




දුම්රිය ප්‍රමාද වීම් සහ අවලංගුවීම් තවදුරටත් සිදුවිය හැකි බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. එහි සභාපති කේ.ඊ.යූ. කොන්තසිංහ පැවසුවේ විශ්‍රාම ගිය රියදුරන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමද තවදුරටත් ප්‍රමාද වන බවයි. ඊට හේතුවී ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව සාමාජිකයින් මෙතෙක් පත් නොකිරීම බවද ඔහු කියා සිටියා.

දුම්රිය රියදුරන් 44 දෙනෙකුගේ පමණ අවශ්‍යතාවයක් පවතින බවද දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවා. 

රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීම හේතුවෙන් දුම්රිය සේවයේ මෙම තත්ත්වය උද්ගත වූ බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  එච්.ජේ. ඉදිපොලගේ පැවසුවේ. 

අතිකාල දීමනා ගෙවීම සීමා කිරීම හේතුවෙන්ද දැනට රාජකාරී සිදු කරන රියදුරන් සේවයට වාර්තා කිරීම සීමා කර ඇති බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ.