Monday, March 27, 2023

General line - 0115112241

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට වැඩබලන ලේකම්වරයෙකු පත් කරයි




රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් හපුහින්න හදිසියේ ස්ථාන මාරු කර ඇති බව වාර්තා වනවා.  

එලෙස ඔහු ජනාධිපති කාර්යාලය වෙත ස්ථාන මාරු කර ඇති බවයි වාර්තා වුණේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ධූරයේ වැඩ බැලීම සඳහා එම අමාත්‍යංශයේම අතිරේක ලේකම් කේ ඩී එන් රංජිත් අශෝක පත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.