Friday, April 26, 2024

General line - 0115112241

දෙවන ටෙස්ට් තරගයේ වැඩි ගෞරවය නවසීලන්තයට




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 03 වන දිනය අදයි. දිනය නිමාවට පත්වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 02 ක් දැවී ලකුණු 113 ක් රැස්කර ගෙන සිටියා.

නොදැවී පන්දුවට පහරදෙන කුසල් මෙන්ඩිස් ලකුණු 50 ක් රැස්කර ගෙන සිටින අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී එක් ලකුණක් ලබා සිටියා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 51 යි. 

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පන්දු රැකීමටයි. ඒ අනුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පලමු ඉනිම සඳහා කඩුළු 04 ක් දැවී ලකුණු 580 ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ අනුව පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 164 ක් පමණයි. එහිදී නායකත්වය් ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ලකුණු 89 ක් රැස් කළා. දිනේෂ් චන්දිමාල් ලකුණු 37 යි. නිශාන් මධුසංක ලකුණු 19 ක් රැස් කළ අතර වෙනත් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසුකර යාමට නවසීන්ත පන්දු යවන්නන් අවස්ථාව ලබාදුන්නේ නැහැ.

ඉන් අනතුරුව යළි සිය දෙවන ඉනිම ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව හිමිවුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 303 ක් පිටුපසින් සිටිනවා.