Wednesday, April 24, 2024

General line - 0115112241

බොක්සිං ක්‍රීඩාවට සම්බන්ධ ජාත්‍යන්තර පුහුණුව ලැබූ වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීම බලාපොරොත්තුවයි - වෛද්‍ය තරංග අරුක්ගොඩ




බොක්සිං ක්‍රීඩාව සදහා අන්තර් ජාතික මට්ටමින් පුහුණුව ලැබූ මෙරට වෛද්‍යවරුන් සංඛ්‍යාව 50 දක්වා වැඩි කර ගැනීම සිය ඉදිරි අරමුණ බව අන්තර් ජාතික බොක්සිං සංගමයේ වෛද්‍ය කමිටු සාමාජිකයෙකු ලෙස ඉකුත්දා පත් වූ වෛද්‍ය තරංග අරුක්ගොඩ පවසනවා.

නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මෙරට ඉතිහාසයේ අන්තර් ජාතික බොක්සිං සංගමයේ වෛද්‍ය කමිටු සාමාජිකයෙකු ලෙස පත් වූ පළමු වැන්නා වන්නේ වෛද්‍ය තරංග අරුක්ගොඩයි. ශ්‍රී ලංකාවට හිමි වූ මෙම අවස්ථාව සුවිශේෂි ජයග්‍රහණයක් බවයි වෛද්‍ය තරංග අරුක්ගොඩ මෙහිදී පෙන්වා දුන්නේ.