Thursday, April 25, 2024

General line - 0115112241

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු 58ක පරාජයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා. ඒ, දෙරට අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 58 ක ජයක් අත්කර ගනිමින්. අද දිනයේදී සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් ලකුණු 358කට දැවී ගියා.

ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ලකුණු 98ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් රැස්කළ ලකුණු සංඛ්‍යව ලකුණු 62 ක්. දිමුත් කරුණාරත්න ලකුණු 51 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 50 ක් රැස් කළා. පන්දු යැවීමේදී ටීම් සවුති සහ බ්ලෙයාර් ටික්නර් කඩුලු 3 බැගින් දවා ගත්තා.

නවසීලන්ත කණ්ඩායම මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 164 ක් පමණයි.