Saturday, May 4, 2024

General line - 0115112241

විද්‍යා දැරිය ඝාතනයේ විත්තිකරුවන් හත් දෙනාගේ අභියාචනා කැඳවීමට අධිකරණය දින දෙයි




යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හත් දෙනෙකු තමන්ට පනවා තිබෙන දඬුවමින් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති අභියාචනා ඔක්තෝම්බර් මස 06 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කලා.

ඒ, එම අභියාචනා පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ අභියාචනා ඔක්තෝබර් මස 06 වන දා විභාගයට ගැනීමට දින නියම කළා.

මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටින අදාළ සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වූ ”ස්වීස්  කුමාර්” ඇතුළු විත්තිකරුවන් දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන ආ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.