Wednesday, May 8, 2024

General line - 0115112241

IMF ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා - ජනපති




ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් තමන් හෙට දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

" ඊයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමග විස්තීර ණය පහසුකම් එකඟතාවය අනුමත කරනු ලැබුවා.

ඒ අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන බවට සහතික කර තිබෙනවා.

ශ්‍රී ලංකාව බංකොලොත් රටක් හැටියට මින් පසුව සලකන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම අපේ විදේශ විනිමය තත්ත්වය දියුණු වෙන්නට දියුණු වෙන්න ආනයන සීමාවන් ක්‍රමානුකූලව ඉවත් කරන්න යනවා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක ව්‍යපාරයට වුමනා භාණ්ඩ ඒ පලවෙනි වටයට ඇතුලත් වනවා.

දැන් අපි මෙතන ඉදන් ඉදිරි ගමන ගෙනියන් ට ඕන මේ එකඟතාවයන්ට අනුව. දැනට මාගේ යුතුකම අපිට මේ එකඟතාවය ලබා ගැනීමට උපකාර කලාවූ සියලුම රටවලට වගේමබංක සහ ලෝක බැංකුවේ ප්‍රධානින් දෙන්නටත් ස්තුතිය පුදකරනවා.

මේ සම්බන්ධයෙන් හෙට දවසේ මම පාර්ලිමේන්තුවේදී හෙට විශේෂ ප්‍රකාශයක් සිදුකරනවා, ඒ වගේම ගිවිසුමත් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරනවා." යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.