Tuesday, May 7, 2024

General line - 0115112241

බූරු මූණාට ඝාතන කොන්ත්‍රාත්තුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවට




පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 31 වනදා හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකාරියක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව, නලාගස්දෙණිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක්. බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය භාරයේ සිටින කළුමුණි රවිඳු සංඛ ද සිල්වා නොහොත් “බූරු මූණා” විසින් පොලීසිය හමුවේ සිදුකළ අනාවරණයක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. 

අදාළ ද්විත්ව ඝාතනය සඳහා සැකකාර කාන්තාව විසින් රුපියල් ලක්ෂ 20 ක කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව “බූරු මූණා” පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 02 ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.