Wednesday, May 8, 2024

General line - 0115112241

නීති විභාගය ඉංග්‍රිසියෙන් පැවැත්වීමේ ගැසට් නිවේදනය මැතිසබයේදී ප්‍රතික්ෂේප වෙයි




ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාලව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අද පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වුණා. ඊට අදාළ යෝජනාව අද දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ ඇතුළත්ව තිබුණ ද එය ඉදිරිපත් නොකරන බව සභානායකවරයා දැනුම්දීමත් සමග සභාවේ ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ අදාළ යෝජනාව සභාවට ඉදිරිපත් කර අද දිනයේ ම තීරණයක් ගත යුතු බවයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ද එම සංවාදයට එක්වුණා. 

එහිදී සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පළ කළේ මෙවන් අදහසක්. 

අමාත්‍ය මහින්ද අමරවීර සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර එහිදී මෙවන් සංවාදයක් ඇතිවුණා. 

විපක්ෂයේ ඉල්ලීම මත අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට කථානායකවරයා තීරණය කළ අතර එහිදී යෝජනාවට විරුද්ධව ඡන්ද 113 ක් ලැබුණු අතර චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පමණක් ගැසට් නිවේදනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

ඒ අනුව නීති අධ්‍යාපනයට අදාළ එම ගැසට් නිවේදනය ප්‍රතික්ෂේප වුණා. ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ සහ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න අතර මෙවන් සංවාදයක් ඇතිවුණා.