Wednesday, May 8, 2024

General line - 0115112241

ඇල්ලවල දියඇල්ලේ දියනෑමට ගිය සිව්දෙනෙකු අතුරුදන්

ජයන්ත වීරසේකර - වැල්ලවාය 




වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ඇල්ලවල දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. එලෙස අතුරුදන්ව ඇත්තේ කල්මුණේ සහ සයින්දමරුදු ප්‍රදේශවල පදිංචිව සිටි වයස අවුරුදු 22 ත් 23 ත් අතර පසුවන තරුණයින් සිව්දෙනෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

විනෝද චාරිකාවක පැමිණී පිරිසක් එම දිය ඇල්ලේ දිය නාමින් සිටියදී අදාළ තරුණයින් සිව්දෙනා දියේ ගිලී අතුරුදන්ව ඇති බව ද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. අතුරුදන්ව ඇති තරුණයින් සොයා පොලීසිය මේවනවිට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.