Tuesday, May 7, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18කට ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසරය හිමිවෙයි




ඉන්දියානු සංචිත බැංකුව (RBI) විසින් රටවල් 18 ක බැංකුවලට විශේෂ Vostro ගිණුම් (SVRA) විවෘත කිරීමට අවසර ලබාදී ඇති බව එරට රජය විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

ගෙවීම් පියවීම සඳහා ඒ අනුව ඉන්දියානු රුපියල් භාවිතා කිරීමට එමගින් අවසර ලබා දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

එලෙස අවසරය හිමි රටවල් 18 වන්නේ ෆීජි, බොට්ස්වානා, ගයනාව, ජර්මනිය, කෙන්යාව, ඊශ්‍රායලය, මැලේසියාව, මොරිෂස්, මියන්මාරය, නවසීලන්තය, ඕමානය, රුසියාව, සීෂෙල්ස්, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, උගන්ඩාව සහ එක්සත් රාජධානියයි.

නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මධ්‍යම මුදල් රාජ්‍ය අමාත්‍ය භගවත් කරඩ් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ අවසරය හිමිවූ  මෙම රටවල් 18 හි බැංකු නියමිත ක්‍රියා පටිපාටියෙන් පසු එවැනි ගිණුමක් විවෘත කිරීම සඳහා ඉන්දීය සංචිත බැංකුවෙන් අවසර හිමි ඉන්දියාවේ බලයලත් අලෙවි නියෝජිත (AD) බැංකු සමග සම්බන්ධ විය යුතු බවයි.

යුක්රේනය සහ රුසියාව අතර ඇතිවී තිබෙන යුද්ධයෙන් පසු වෙළඳ භාණ්ඩ අර්බුදයේ පසුබිම තුළ මෙම තීරණය ගෙන ඇත. යුද්ධය සමග රටවලට සම්බාධක පැනවීම හේතුවෙන් වෙළදාම් සඳහා දේශීය මුදල් භාවිත කිරීම විසඳුමක් ලෙස බොහෝ රටවල් විසින් යෝජනා කර ඇත