Thursday, April 25, 2024

General line - 0115112241

2023 එක්දින ලෝක කුසලානය ඔක්තෝම්බර් මාසයේදී




2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඔක්තොම්බර් 05 වනදා සිට නොවැම්බර් 19 වනදා දක්වා පැවැත්වීමට වැඩි ඉඩකඩක් ඇතැයි ක්‍රීඩා මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

මෙම තොරතුරු අනාවරණ කර ඇත්තේ මෙවර තරඟාවලියේ සත්කාරකත්වය දරන ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දත්ත උපුටා දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවියයි.

මෙවර තරඟාවලියට කණ්ඩායම් 10 ක් සෘජුව සුදුසුකම් ලබා තිබෙනවා. අවසන් තරඟය අහමදාබාද්හි පිහිටි ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. සමස්ථ තරඟාවලියට ඇතුලත් තරඟ සංඛ්‍යාව 48 ක්.

කෙසේවෙතත් තරඟ කාලසටහන හෝ එක් එක් කණ්ඩායම් තරඟවදින ක්‍රීඩාංගණ පිළිබඳ හෝ මෙතෙක් නිල වශයෙන් තොරතුරක් වාර්තා කර නැහැ. ඊට ඉන්දිය කාලගුණික දත්ත හරස්වී ඇති බවටයි වාර්තා වන්නේ. ලෝක කුසලානයකට වසරකට පෙර එහි කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සාමාන්‍යයෙන් සිදුවන කටයුත්තයි.

2023 ලෝක කුසලානය සජීවීව විකාශය කිරීමෙන් ඉන්දියාව උපයාගැනීමට අපේක්ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 533 යි දශම 2 යි 9 ක්.