Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාවට නොසිතු පරාජයක්




ඉන්දිය කණ්ඩායම ඉන්දියාවේදී ම වාර්තාගත එක්දින ක්‍රිකට් තරඟ පරාජයක් ලබා තිබෙනවා. ඒ, සංචාරක ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට එරෙහිවයි. දෙරට අතර පැවති එක්දින තරඟාවලිය ඕස්ට්‍රේලියාව ජය ගත්තේ 2 ට එකක් ලෙසයි.

වසර 04 ක කාලයක් අඛණ්ඩව සිය මව් රටේදී පැවති සෑම එක්දින තරඟාවලියක්ම ජයගෙන ඇති ඉන්දියාව එම කාලය තුළ පරාජයට පත්වූ එකම තරඟාවලිය මෙය වනවා. ලබන ඔක්තෝම්බර් මාසයේදී එක්දින ලෝක කුසලානය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක ඉන්දියාව මෙලෙස වාර්තාගත පරාජයක් හිමිකර ගැනීම විශේෂත්වයක්. 

ඊයේ රාත්‍රියේ පැවති තුන්වන එක්දින තරඟයෙන් ඔස්ටේ්‍රලියාව ජය ගත්තේ ලකුණු 21 කින්. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව ලකුණු 269 ක් රැස්කළ අතර ඉන්දියාවට රැස්කරගත හැකි වූයේ ලකුණු 248 ක් පමණයි.