Monday, April 29, 2024

General line - 0115112241

නියමිත දිනට ඡන්දය නැහැ - කොමිසම යළි කියයි




අප්‍රේල් 25 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ඡන්ද විමසීම පවත්වන නව දිනය සම්බන්ධයෙන් තවත් දින කිහිපයක් ඇතුලත කොමිෂන් සභාව රැස්වී තීරණයක් ගන්නා බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ තීරණය කළා. තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 28, 29, 30, 31 හා අප්‍රේල් 3 යන දිනවලදී සිදු කිරීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ. කෙසේවෙතත් තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා දින ද මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

අධිකරණයේ සෘජු නියෝගයකින් හැර මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.

මේ අතර මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදලද මෙතෙක් නොලැබුණු බව රජයේ මුද්‍රණාලය පවසනවා. යම් හෙයකින් දින කිහිපයක් තුළ මුදල් ලැබුණද අප්‍රේල් 25 වන දිනට පෙර අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදිය නොහැකි බවයි එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ.