Monday, April 29, 2024

General line - 0115112241

නෙත් FM අන්ලිමිටඩ් හිස්ට්‍රි විදෙස් දේශන මාලාව අති සාර්ථකව ඕස්ට්‍රේලියාවේදී




නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි විදෙස් දේශන මාලාව මේ වන විට අති සාර්ථකව ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. එහි තවත් දේශනයක් අද පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙල්බර්න්හිදියී. 

එහි සියලු ප්‍රවේශපත්‍ර දින දෙකකට පෙර අවසන්වීම විශේෂත්වයක්. මෙම වැඩසටහන සංවිධාන කළ “ද ගැප්” සංවිධානයේ සාමාජික චමත් දි සොයිසා ඒ පිළිබඳ අදහස් පළ කළා.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර විදෙස් දේශන මාලාවේ පළමු වැන්න ඉකුත්දා බ්‍රිස්බෙන්හිදී පැවැත්වුණා. එයද අති සාර්ථකව පැවැත්වූ බවයි එහි සංවිධායකයින් පැවසුවේ. දේශන මාලාව මෙහෙයවන පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේවට ද ඕස්ට්‍රේලියාවෙන් ලැබී ඇත්තේ ඉහළ පිළිගැනීමක්. 

මෙම දේශන මාලාව යටතේ ශ්‍රී ලාංකිකයින් සහ ඕස්ට්‍රේලියානු සරසවි සිසුන් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල කිහිපයකම රාජ් සෝමදේව විසින් පුරාවිද්‍යාව පිළිබඳ දේශන කිහිපයක් ද පවත්වා තිබෙනවා. එහිදී එම විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධවී අඛණ්ඩව කටයුතු කරන ලෙසට මහාචාර්ය රාජ් සෝමදේවට ඉල්ලීම් පවා ලැබෙමින් තිබීම විශේෂත්වයක්.