Monday, April 29, 2024

General line - 0115112241

පළමුව ප්‍රතිව්‍යුහගතකරන ආයතන 07 ප්‍රකාශයට පත් කෙරේ




ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලද ණය වාරිකය නිවැරදිව කළමනාකරණය කිරීම අභියෝගයක් වනු ඇතැයි ආර්ථික විදයාව පිළිබඳ මහාචාර්යවරුන් පවසනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් පැවසුවේ ණය කළමනාකරණයේදී ගැනීමට සිදුවන ඇතැම් තීරණ අමිහිරි වනු ඇති බවයි.

ශ්‍රී ලංකාවට ඇති අනාගත අභියෝග මොනවාද ? 

ජාත්‍යන්රත මුල්‍ය අරමුදල ලබාදී ඇති වැඩසටහන සාර්ථකව සිදුකළහොත් පමණක් මෙම අර්බුදයෙන් ගොඩඒමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් උදාවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හින්කෙන්ද පැවසුවා.

ජාත්‍යන්රත මුල්‍ය අරමුදල ලබාදී ඇති වැඩසටහන යටතේ සිදුවන ප්‍රතිසංස්කරණ දැන් සිටම ආරම්භ කළ යුතු බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලන්කන් කේටරින් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කොළඹ - ග්‍රැන්ඩ් හයට් හෙවත් කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගම, කොළඹ හිල්ටන් හෝටලය, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලංකා හොස්පිටල් එම රාජ්‍ය ව්‍යවසායන් 07 යි.

ඒ අනුව මෙම සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවාවන් සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීම පිණිස පිළිගත් සහ පළපුරුදු සුදුසුකම් ඇති උපදේශන සමාගම් හෝ සංවර්ධන මූල්‍ය ආයතනයන් පත්කරනු ඇති.

එවැනි ගනුදෙනුකාර උපදේශන සමාගම් තෝරාගැනීම කෙටිකාලයකින් ආරම්භ කරනු ඇති බවයි මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසන්නේ.