Tuesday, April 23, 2024

General line - 0115112241

එක්දින තරගයේ ජය රාජකීය විද්‍යාලයට 




කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 46 වන මස්ටැංග්ස් කුසලාන එක්දින තරගය කඩුලු 07කින් ජයගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් විද්‍යාලය පන්දුවාර 48.2ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 165ක් රැස් කර ගනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ රාජකීය විද්‍යාලය පන්දුවාර 37ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 166ක් වාර්තා කරමින් සිය ජයග්‍රහණය හිමිකර ගත්තා.

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 144 වන නිල් මහ සටන ද ලකුණු 181කින් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය පසුගිය 18 වනදා සමත් විය.