Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දු පකිස්ථාන අර්බුදයෙන් ආසියානු කුසලානයේ කොටසක් ලංකාවට ලැබෙන ලකුණු




පෙර සැලසුම් කළ පරිදි 2023 ආසියානු කුසලානය පාකිස්ථානයේදී පැවැත්වීමට වැඩි ඉඩකඩක් ඇතැයි ක්‍රීඩා මාධ්‍ය අද වාර්තා කළා. පකිස්ථානයේ පැවැත්වෙන තරඟ සඳහා එක් නොවීමට ඉන්දියාව තීරණය කිරීමත් සමඟ තරඟාවලිය පකිස්ථානයේ පැවැත්වීම අවධානමකට ලක් වුණා.

එහෙත් දැන් දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල තීරණය කර ඇත්තේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරඟ දෙරටින් පිට වෙනත් ස්ථානයක පැවැත්වීමටයි.

ඒ අනුව, එම තරඟ ශ්‍රී ලංකාව, එංගලන්තය, එක්සත් අරාබි එමිල් හෝ ඕමානය යන රටවලින් එක් ස්ථානයකදී පැවැත්වෙනු ඇතියි. ඉන්දු පකිස්ථාන තරඟ 2ක් ඇතුළු තරඟ 5ක් මෙම රටවල් දෙකෙන් පිට පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. 

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඉලක්ක කර සීමිත පන්දුවාර තරඟාවලියක් ලෙස මෙවර ආසියානු කුසලානය පැවැත්වීමට නියමිතයි.  

සුදුසුකම් ලැබීමේ තරඟවලින් ජය ගන්නා කණ්ඩායම හා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් හය තරඟාවලියට එක්වනු ඇති. කෙසේ වෙතත් එහි දින වකවානු මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.