Thursday, April 25, 2024

General line - 0115112241

DS විදුහලේ පලමු ඉනිම ලකුණු 203කට සීමාවෙයි 




කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර 17වන වරටත් පැවැත්වෙන රන් මහ සටන අද ආරම්භ වුණා. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඩී එස් සේනානායක විද්‍යාලයේ සියලු දෙනා අද ලකුණු 203කට දැවී ගියා. නායක මනුර පීරිස් ලකුණු 98යි. 

දිනයට නිමාවන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහානාම විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 120ක් රැස් කරගෙන සිටියා. හෙට තරඟයේ අවසන් දිනයයි.

මේ අතර, කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති එක්දින තරගය කඩුලු 07කින් ජයගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද සමත් වුණා.

විද්‍යාල දෙක අතර පැවැති 144 වන නිල් මහ සටන ද ලකුණු 181කින් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය පසුගියදා සමත් වුණා.