Saturday, April 20, 2024

General line - 0115112241

රන් මහ සටනේ දෙවන දිනය අදයි 




කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර 17වන වරටත් පැවැත්වෙන රන් මහ සටනේ දෙවන දිනය අදයි. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඩී එස් සේනානායක විද්‍යාලයේ ක්‍රීඩකයින් සියලු දෙනා ඊයේ ලකුණු 203කට දැවී ගියා. නායක මනුර පීරිස් ලකුණු 98යි. 

දිනය නිමාවන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහානාම විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 120ක් රැස් කරගෙන සිටියා. අද තරඟයේ අවසන් දිනයයි.