Sunday, May 5, 2024

General line - 0115112241

මහවැලි ගඟට පැන්න රැඳවියෙකු සොයා මෙහෙයුමක්




මහවැලි ගඟට පැන පළා යාමට තැත් කිරීමේදී දියේ ගිලී අතුරුදන් වූ පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ රැඳවියෙකු සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ, පොලිසිය නාවික හමුදාව සහ බන්ධනාගාර නිලධාරීන් විසින්.

එලෙස අතුරුදන්ව ඇත්තේ හෙරොයින් ළඟ තබා ගැනීමේ වරදකට බන්ධනාගාරගතව පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියෙක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. වයස අවුරුදු 34ක් වූ ඔහු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම රැඳවියා සමඟ පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් පලා ගිය තවත් රැඳවියන් දෙදෙනෙකු යළි අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් ඊයේ සමත් වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.