Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් ආ බිත්තර තවමත් වරායේ - වෙළඳ ඇමතිගෙන් නිලධාරීන්ට දොස්




ඉන්දියාවෙන් මෙරටට ආනයනය කළ බිත්තර තොගය මෙතෙක් කොළඹ වරායෙන් නිදහස් කර නොමැති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. ඇතැම් නිලධාරීන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් එලෙස එම බිත්තර තොගය වරායේ සිර වී ඇති බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසුවේ. 

නිලධාරීන්ගේ මෙම කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් උත්සව සමයේ ජනතාවට බිත්තර ලබා දීමට නොහැකි වනු ඇති බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

එහිදී මාධ්‍යවේදීන් නැගූ තවත් ප්‍රශ්න කිහිපයකට වෙළඳ අමාත්‍ය වලින් ප්‍රනාන්දු මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.