Sunday, May 5, 2024

General line - 0115112241

ටෙලිකොම් කොටස් විකිණීමේ යටි අරමුණක් තිලංග පෙන්වා දෙයි




ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණීමට ආණ්ඩුව සූදානම් වන්නේ එම ආයතනයේ වත්කම් පිළිබඳ තක්සේරුවක්  සිදු නොකර තිබියදී බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල පවසනවා. එවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් විකිණීමට ආණ්ඩුව උත්සහ කරන්නේ ආයෝජකයෙක් සැලසුම් කර ගනිමින් බවයි ඔහු කියා සිටියේ. 

රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට අනුමැතිය හිමිව ඇති බවයි මීට පෙර වාර්තා වුණේ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලන්කන් කේටරින් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කොළඹ - ග්‍රැන්ඩ් හයට් හෙවත් කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගම, කොළඹ හිල්ටන් හෝටලය, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලංකා හොස්පිටල් එම රාජ්‍ය ව්‍යවසායන් 07 වනවා.

ඒ අනුව මෙම සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවාවන් සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීම පිණිස පිළිගත් සහ පළපුරුදු සුදුසුකම් ඇති උපදේශන සමාගම් හෝ සංවර්ධන මූල්‍ය ආයතනයන් පත්කරනු ඇති. එවැනි ගනුදෙනුකාර උපදේශන සමාගම් තෝරාගැනීම කෙටිකාලයකින් ආරම්භ කරනු ඇති බවයි මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පසුගියදා පැවසුවේ.