Sunday, May 5, 2024

General line - 0115112241

කුඩු සලිඳුගේ සඟයෙකුත් අත්අඩංගුවට

බිමල් ශ්‍යාමන් / සුමිත් පොතුපිටිය




සලිඳු මල්ෂික හෙවත් පානදුර කුඩු සලිඳුගේ ප්‍රධාන සමීපතමයෙකු කේරළ ගංජා කිලෝ 10ක් සමඟ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එම බලකායේ විශේෂ මෙහෙයුම් අංශය පානදුර සොලමන් මාවතේ සිදු කළ වැටලීමකදීයි.

රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

වයස අවුරුදු 31 වන පානදුර සුපුන් යනුවෙන් හැඳින්වෙන සැකකරු, කුඩු සලිඳුගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු වන බෙලිඅත්තේ රනාගේ ප්‍රධාන සඟයෙක් බවටද හඳුනාගෙන තිබෙනවා. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ.

මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව මෙරටට රැගෙන ආ  සලිඳු මල්ෂික හෙවත් පානදුරේ කුඩු සලිඳු සහ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා මේවනවිට පසුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේයි.