Thursday, May 2, 2024

General line - 0115112241

DS විදුහල සිය දෙවන ඉනිම අරඹයි




කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර 17වන වරටත් පැවැත්වෙන රන් මහ සටනේ දෙවන දිනය අදයි.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඩී එස් සේනානායක විද්‍යාලය මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 42ක්.

පළමු ඉනිම සඳහා ඩී එස් සේනානායක විද්‍යාලය ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 203ක් රැස් කළා. ඉන් අනතුරුව ඊට පිළිතුරු ලෙස පළමු ඉනිම ක්‍රීඩා කළ මහානාම විද්‍යාලය කඩුලු 8 දැවී ලකුණු 256ක් රැස් කර සිටියදී අද සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.