Friday, April 26, 2024

General line - 0115112241

පවුල් ලක්ෂ 29 කට හෙට සිට නොමිලේ සහල්




මෙරට අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29 ක් සඳහා නොමිලේ සහල් ලබාදීමේ වැඩසටහන හෙට සිට ආරම්භ වනවා. ඒ අනුව මහ කන්නයේදී ගොවීන්ගෙන් මිලදී ගන්නා ලද වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදාදීම එහිදී සිදු කෙරෙන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

ඒ අනුව සෑම පවුලක් සඳහාම මාසයකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස 02 ක් සඳහා සහල් ලබාදීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා. 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබාදීම හෙට දිනයේ සිදුකරන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. මෙලෙස නොමිලේ බෙදාදෙන සහල් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබා දෙනු ඇති.