Friday, April 19, 2024

General line - 0115112241

ලෝක වාර්තා 05ක් බිහිවූ සුපිරි T20 තරගය




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව  සමග අද පැවති විස්සයි 20 තරගයෙන් ලෝක වාර්තා 05ක් බිහිවූවා.

ඒ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් වාර්තා කළ සිය මංගල විස්සයි20 ශතකය හේතුවෙන්.

බටහිර ඉන්දීය කොදෙව් පිල විසින් පළමුව පන්දුවට පහරදුන් අතර එහිදී ඔවුන් පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 258ක් රැස් කළා.

දකුණු අප්‍රිකාවට ලකුණු 259ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට සිදුවූ අතර තවත් පන්දු 7ක් ඉතිරිව තිබියදී ඔවුන් තරගය ජයග්‍රහණය කළේ කඩුලු 6ක් අතැතිව වීම විශේෂත්වයක්.

අද තරගයේදී බිහිවූ නව ලෝක වාර්තාවන් මොනවාද ?

* තරගයේ රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 517ක් වූ අතර මෙතෙක් T20 ඉතිහාසයේ එක් තරගයකදී වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි.

* T20 තරගයක ලකුණු 500 කට වඩා රැස් කළ පළමු අවස්ථාව මෙයයි.

* T20 ඉතිහාසයේ ඉහලම සාර්ථක ලකුණු හඹා යෑම. (දකුණු අප්‍රිකාවේ 259/4)

* දකුණු අප්‍රිකාව පන්දුවාර 13.5කදී ලකුණු 200ට ළඟා විය. 

 * T20 තරගයකදී කණ්ඩායමක් වේගවත්ම ලකුණු 200 සීමාව පසුකර යෑම. (දකුණු අප්‍රිකාව පන්දුවාර 13.5 කදී ලකුණු 200 රැස් කර ගනු ලැබුවා)

* පවර් ප්ලේ අවස්ථාවේදී කණ්ඩායමක් ලකුණු 100ක් රැස් කළ පළමු අවස්ථාව. (දකුණු අප්‍රිකාව ඕවර 6කදී 102/0ක් රැස් කර ගනු ලැබුවා. -
ICC සම්පූර්ණ සාමාජිකත්වය හිමි රටක් ලෙස)