Saturday, April 27, 2024

General line - 0115112241

ග්‍රාමීය පාසැල් ආරක්ෂා කර ගැනීම ගැන අගමැති කතා කරයි




ග්‍රාමීය පාසැල් වැසී යාම වැළැක්වීම සඳහා එම පාසල් වල පහසුකම් වැඩි දියුණු කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

හෝමාගම ශ්‍රී සිද්ධාර්ථ කනිෂ්ඨ විද්‍යාලය අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා දෙන පාසලක් බවට ශ්‍රේණිගත කිරීම සහ නව බහුකාර්ය මධ්‍යස්ථානය ඉදි කිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේබව කියා සිටියා.

දරුවන්ට අධ්‍යාපනය ලබා දීම වටිනාම ක්‍රියාව වන බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.