Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයේ සහතිකය මේ සතියේදී




ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර තොගය පරීක්ෂණ කටයුතු අවසන් කර මෙම සතිය තුළ මුදා හැරීමට අවශ්‍ය සහතික නිකුත් කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පරීක්ෂණ ඒකකය පවසනවා.

ඉකුත් 24වනදා එම බිත්තර තොගයෙන් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කෙරුණා. ඒ සඳහා අවම දින 3ක කාලයක් ගත වන අතර එම වාර්තාව නිකුත් වීමෙන් පසු එහි ගැටලුවක් නොමැති නම් එම බිත්තර තොගය නිදහස් කිරීමට හැකියාව පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පරීක්ෂණ ඒකකයේ  ප්‍රකාශකයෙකු පැවසුවේ.

එමෙන්ම, සත්ත්ව නිරෝධායන ඒකකයද මෙම බිත්තර තොගයෙන් සාම්පල ලබා ගෙන තිබෙනවා. එම සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි වාර්තාවද මෙම සතිය තුළ නිකුත් කිරීමට නියමිත බවයි එම ප්‍රකාශකයා සඳහන් කළේ.  

මෙරටට ආනයනය කරන ලද එම බිත්තර තොගය මේවනවිට උෂ්ණත්ව පාලනය යටතේ කොළඹ වරායේ රඳවා තිබෙනවා.