සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවන එක්දින ක්රිකට් තරඟයට වර්ෂාව හේතුවෙන් තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.
ක්රයිස්චර්ච්හිදී පැවැත්වීමට නියමිත මෙම තරඟය මෙරට වේලවෙන් උදෑසන 6යි 30 ආරම්භ කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් ක්රීඩාංගනය අවට ප්රදේශවලට තවදුරටත් වැසි ඇද හැලෙන බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් තරඟය ආරම්භ කරන වේලාව සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ. නවසීලන්ත වේලාවෙන් රාත්රී 7ට තරඟ තීරකයා විසින් පිටිය පරීක්ෂා කර තරඟය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.