Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ මුදලක් පනවා තිබෙනවා. ඒ, නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයේදී නියමිත කාල සීමාව තුළ පන්දු යැවීම සිදු නොකොට මන්දගාමීව පන්දු යැවීම හේතුවෙන්.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ තරඟ ගාස්තුවෙන් සියයට 20ක දඩයක් පැනවීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.