Friday, April 26, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට




දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති තරඟ 03 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය 2 ට එකක් ලෙස ජය ගැනීමට සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත්වී තිබෙනවා. ඒ, දෙරට අතර ඊයේ පැවති තුන්වෙනි තරඟය ලකුණු 7 කින් සංචරක බටහිර ඉන්දිය කණ්ඩායම ජයගැනීමත් සමඟින්.

එම තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඬුලු 8 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 220 ක්. එහිදී නිකලස් පූරන් පන්දු 19 කදී ලකුණු 41 ක් රැස්කිරීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර දෙකක් ඇතුලත්.

ජයග්‍රාහී ලකුණු 221 ක් හඹායාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාණු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඬුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 213 ක් පමණයි.

දෙරට අතර පැවති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟය ලකුණු 7 කින් ජයගත්තේද සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමයි. කෙසේවෙතත් දෙවැනි තරඟය දකුණු අප්‍රිකානු කණ්ඩායම කඬුලු 6 කින් ජයගත්තේ ලෝක වාර්තා කිහිපයක් ම බිහිකරමින්.