Saturday, April 20, 2024

General line - 0115112241

වනිදු ගේ තැන අහිමි වෙයි




පාකිස්ථානය සමග පැවැත්වූ විස්සයි 20 තරග සංචාරයේ ජයග්‍රහණය ඇෆ්ගනිස්ථානය සතුකර ගනු ලැබුවා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඇෆ්ගනිස්ථානයේ පා දඟ පන්දු යවන්නා වන රෂිඩ් ඛාන් නැවතත් ලොව අංක 01 විස්සයි 20 පන්දු යවන්නා බවට පත්ව තිබෙනවා.

ඒ මෙතෙක් එම ස්ථානය තමන් සතුකර ගෙන සිටි ශ්‍රී ලංකාවේ දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංග දෙවන තැනට පත්කරමින්.

රෂිඩ් ඛාන් පළමු වරට T20 පන්දු යවන්නන් ලැයිස්තුගත කිරීමේ පළමු ස්ථානයට පැමිණියා. ඒ 2018 වර්ෂයේ දී.