Saturday, April 20, 2024

General line - 0115112241

IPL අභියස වනිඳුගේ 20 යි 20 කිරුළ ගිලිහෙයි




පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමට ඇෆ්ගනිස්තානයේ දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සමත් වී තිබෙනවා. ඒ, මෙතෙක් එම ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාවේ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග දෙවන ස්ථානයට ඇද දමමින්.

වනිඳු හසරංග මෙලෙස දෙවන ස්ථානයට පත්වූයේ ලොව ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියක් වන ෂඡඛ තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතව තිබියදීයි. 

පකිස්තානයට එරෙහිව ඉකුත් දා ලැබූ ඓතිහාසික 20 යි 20 තරගාවලි ජයග්‍රහණයේදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් රෂීඩ් ඛාන් පන්දුවෙන් කළ දස්කම් ඊට හේතුවී තිබෙනවා.

ඔහු ජාත්‍යන්තර පන්දු යවන්නන්ගේ ශ්‍රේණීගත කිරීමේ පළමු ස්ථානයට පැමිණියේ 2018 වසරේදීයි. එදා සිට මේ දක්වා ඔහු සැමවිටම 20 යි 20 පන්දු යවන්නන් අතර පළමු ස්ථානය කිහිපය තුළ රැඳී සිටීමට සමත්වීම විශේෂත්වයක්. 

මේ අතර පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීමේ විශේෂත්වයක් වන්නේ එහි පළමු ස්ථාන 10 න් 03 ක් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් වෙනුවෙන් වෙන් වී තිබීමයි. එමෙන්ම පළමු ස්ථාන 10 තුළ දකුණත් පා දග පන්දු යවන්නන් තිදෙනෙකු ඇතුළු දග පන්දු යවන්නන් 06 දෙනෙකු සිටීම ද විශේෂත්වයක්.