Friday, April 19, 2024

General line - 0115112241

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකු වීමට ලැබෙන සහයෝගය විශාලයි - වියස්කාන්ත් කියයි 

දිනසේන රතුගමගේ




ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත IPL ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමන්ට ශ්‍රී ලංකා කණ්ඩාමට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් එක් වීමට අවස්ථාවක් හිමිවනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බව නවක ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්තන් පවසනවා.

යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ යාපනයේදී තමන්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමට යාපනයේ දෙමළ ජනතාව උදව් උපකාර කළා සේම ජාත්‍යන්තර මට්ටමේ  ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමට දකුණේ සිංහල හා අනෙක් ජාතීන්ගෙන් විශාල  සහයෝගයක් ලැබෙන බවයි.

ශ්‍රී ලංකාවේ පරිණතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු  හා හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාරගෙන් තමන්ට විශාල සහයෝගයක් ලැබෙන බව ප්‍රකාශ කළ වියස්කාන්තන් බොහෝ අවස්ථා වලදී  සංගක්කාර තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ අනාගතය ගැන ඉතා දීර්ඝ වශයෙන් බොහෝ දේ සාකච්ඡා කොට ඇති බවද ප්‍රකාශ කර සිටියා.

බංග්ලාදේශය සමග තමන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබීම තුළින් අත්දැකීම් සමුදායක් ලබා ගැනීමට හැකි වූ බව පැවසූ වියස්කාන්තන්, එළඹෙන IPL තරගාවලියෙන් පසුව තමන්ට වඩාත් ස්ථාවර පන්දු යවනෙකු ලෙස ශක්තිමත් වීමට අවකාශ ඇති බවද සදහන් කර සිටියා.

මෙසේ පියවරෙන් පියවරට තමන්ට ලැබෙන අවස්ථාවන් සමග දකුණේ ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පූර්ණ සහයෝගය තමන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වීමට ඉදිරි කාලයේදී  අවස්ථාව ලබෙනු ඇතැයිද වියස්කාන්තන් මෙහිදී පවසා සිටියා.