Saturday, April 27, 2024

General line - 0115112241

ක්‍රීඩා ඇමතිගෙන් ICC යට හදිසි ලිපියක්




ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ නිල සාකච්ඡාවකට පැමිණෙන්නැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපියකින් දැනුම් දී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇගිලි ගැසීම් තිබේද යන්න සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවට පළවූ වාර්තා පනදම් කර ගනිමින්.

ක්‍රිකට් පමණක් නොව මෙරට සියලුම ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන කටයුතු සඳහා දේශපාලන ඇගිලි ගැසීමක් සිදුව නොමැති බවයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසන්නේ. 

ඒ අනුව මේවනවිට වාර්තා පළ වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට දේශපාලන ඇගිලි ගැසීම් ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හා ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් අතර නිල සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.