Friday, April 19, 2024

General line - 0115112241

නවසීලන්තයට කඩුලු 06ක ජයග්‍රහණයක් 




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් එක්දින තරඟය කඩුලු 6කින් ජය ගැනීමට නවසීලන්ත පිල සමත් වුවා.  

තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 157 කට සීමා වුණා. 

සෙසු පිතිකරුවන් අසාර්ථකවද්දී දක්ෂ පිති හරඹයක නිරතවූ පැතුම් නිස්සංක පන්දු 64 කදී ලකුණු 57 ක් රැස් කළා. නායක දසුන් ශානක ලකුණු 31 යි. චාමික කරුණාරත්න ලකුණු 24 ක් රැස් කිරීමට සමත් වුණා. ධනංජය ද සිල්වා ලකුණු 13 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් සහ වනිදු හසංගට කිසිදු ලකුණක් රැස් කර ගැනීමට හැකි වුණේ නැහැ.

පන්දු යැවීමේදී මැට් හෙන්රි, හෙන්රි ෂිප්ලේ හා ඩැරල් මිචෙල් කඬුලු 3 බැඟින් බිඳ හෙලුවා.

ලකුණු 158 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන්ට ද ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඒ, නවසීලන්ත ඉනිමේ කඬුලු 4 ක් ලකුණු 59 ක් තුළ බිඳ දමමින්. ලහිරු කුමාර කඬුලු 2 ක් බිඳ හෙලූ අතර කසුන් රාජිත හා දසුන් ශානක අතරේ එක් කඬුල්ල බැඟින් බෙදී ගියා.

ජයග්‍රාහී ලකුණු 158 ක ඉලක්කයක් හඹායන නවසීලන්ත කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර පන්දුවාර 32.5 ක් අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 159 ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළා.

ඒ සමග ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තර්ගවාලිය 2-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත්වූවා.