එළඹෙන එක්දින ක්රිකට් ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්රී ලංකාව අතින් අද ගිලිහී ගියා. ඒ, නවසීලන්තයට එරෙහි එක් දින තරඟාවලියෙන් පූර්ණ පරාජයක් ලැබීම හේතුවෙන්.
අද පැවති තුන්වන තරඟයෙන් ශ්රී ලංකාව නවසිලන්තය හමුවේ කඩුලු 6කින් පරාජයට පත් වුණා. තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකාව රැස් කළ ලකුණු 157ක ඉලක්කය නවසීලන්තය පසු කර ගියේ කඩුලු 4ක් පමණක් දැවී තිබියදීයි.
මෙම පරාජයත් සමඟ ශ්රී ලංකාවට එක් දින ක්රිකට් ලෝක කුසලානයට සහභාගීවීමට නම් සුදුසුකම් ලැබීමේ තරඟාවලියකට ක්රීඩා කර ඉන් ජය ගත යුතු වනවා. එම තරඟාවලිය මේ මස මැදදී ආරම්භ වීමට නියමිතයි.