Friday, April 26, 2024

General line - 0115112241

වැඩිම සල්ලි කැරකෙන IPL ක්‍රිකට් තරඟාවලිය ඇරඹෙයි




ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වුණා. පළමු තරඟය දැන් පැවැත්වෙන්නේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිට්න්ස් කණ්ඩායම අතරයි. ඉකුත් වසරේ පැවති IPL තරඟාවලියේ ශූරතාව දිනා ගත්තේද ගුජරාට් කණ්ඩායමයි. 

මෙවර තරඟාවලියට කණ්ඩායම් 10ක් එක්වනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද මෙවර තරඟාවලියට ඇතුළත්. ඒ, විදෙස් ක්‍රීඩකයින් ලෙසයි. 

මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරනවා. භානුක රාජපක්ෂ එක්වන්නේ පන්ජාබ් කිංග්ස් ඉලෙවන් කණ්ඩායමටයි. බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම විසින් වනිඳු හසරංගව මිලදී ගත්තා.

කෙසේ වෙතත් මේවනවිට පැවැත්වෙන තරඟයේදී මතීෂ පතිරණ හෝ මහීෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එක් කරගෙන නැහැ.