Thursday, April 25, 2024

General line - 0115112241

එක් දින ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සූදානම් ද?




ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළීබඳ තමන්ට දැඩි ගැටලුවක් පවතින බව ශ්‍රී ලංකාවට එක් දින ලෝක කුසලානයක් ගෙනා දුන් නායකයෙකු සහ වත්මන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වන අර්ජුන රණතුංග පවසනවා. ඒ, නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක් වෙමින්. 

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා හා ක්‍රීඩා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ සුදත් චන්ද්‍රසේකර අතර ඇති වූ මත ගැටුමක් පිළිබඳ මේ දින වල විවිධ තොරතුරු වාර්තා වනවා.

නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයෙන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වන අර්ජුන රණතුංගෙන් ඒ පිළිබඳ අද ඍජුව ප්‍රශ්න කරනවා.